ආයතන හා පාලන අංශය

ඩබ්.එම්. ධම්මික කුමාර මයා

පරිපාලන නිළධාරී

+047-2285007

අධ්‍යාපන සංවර්ධනය, පාසල් පරිපාලනය හා සැලසුම්කරණය යන ක්ෂේත්‍රවල ප්‍රශස්ත යාන්ත්‍රණය පවත්වා ගැනීම සඳහා කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම ආයතන හා පාලන ශාඛාවේ ප්‍රධාන කාර්යභාරය වේ. කලාපය තුළ කාර්ය මණ්ඩල පත්කිරීම්, ස්ථාන මාරු කිරීම, නිදහස් කිරීම, විශ්‍රාම ගැන්විම් යන කටයුතුවලට හා ඔවුන්ගේ සේවාවලට අදාළව උද්ගත ආයතනික කටයුතු සියල්ල පරිපාලනය වන්නේ මෙම අංශයෙනි.

  1. කලාපයේ පාසල්වල ගුරු උපයෝජනය හා අන්තර් කලාප ගුරු ස්ථාන මාරුවීම්වල දී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත නිර්දේශ ලබා දීම.
  2. ගුරු මාරු මණ්ඩල කැඳවීම, රැස්වීම් පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම විදුහල්පති සේවයේ සියලු නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සදහා නිර්දේශ ලබා දීම.
  3. කලාප කාර්යාලයේ හා ඊට සම්බන්ධ අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලවල රාජකාරී ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරිම.
  4. ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, අධ්‍යාපන නිලධාරීන්ගේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරිම. (වැටුප් වර්ධක, විදේශ නිවාඩු, සේවා සහතික)
  5. (වැටුප් වර්ධක, විදේශ නිවාඩු, සේවා දිගු, විශ්‍රාම ලිපිගොනු, ණය අනුමැතිය ලබා දීම, උසස්වීම් සඳහා නිර්දේශ කිරීම, රාජකාරී නිවාඩු, ප්‍රසූත නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු අනුමත කිරීම, වාර්ෂික වැටුප්ව ර්ධක ලබා දීම, සේවයේ ස්ථිර කිරීම, මාරු කිරීම්, විනය කටයුතු, …..)
  6. කාර්ය මණ්ඩල ගෙවීම්, අතිකාල, දෛනික වැටුප්, නිවාඩු දින වැටුප්, සියලු බිල්පත් නිරවුල් කිරීම, දුම්රිය බලපත්‍ර ලබාදීම ආදි කටයුතු සඳහා ක්‍රම සම්පාදනය කිරීම.
  7. අත්තිකාරම්, ණය, අග්‍රහාර රක්ෂණ සදහා අදාළ නිර්දේශ/අනුමැතිය ලබා දීම
  8. අධ්‍යාපන කලාපයේ සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු කිරීම හා කලාපයෙන් නිදහස් කිරීම් පිළිබඳ කටයුතු සිදු කිරීම.
  9. පිරිවෙන්වල වාර්ෂික ප්‍රදාන නිර්දේශ කිරීම හා පිරිවෙන්වල කාර්ය මණ්ඩලයේ ආයතනික කටයුතු ඉටු කිරීම.
  10. පිරිවෙන් ලියාපදිංචිය සඳහා නිර්දේශ කිරීම හා පිරිවෙන් ගුරුවරුන් පත් කිරීම සඳහා නිර්දේශ කිරීම, යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම.
  11. අධිකරණ කටයුතු, මානව හිමිකම් පැමිණිලි කටයුතු, පෙත්සම් කාරක සභා, උපදේශක කාරක සභා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ආදි නෛතික කටයුතු සිදු කිරීම.
  12. අභ්‍යන්තර විනය පාලන කටයුතු හා විමර්ශන කටයුතු සිදු කිරීම.
  13. විනය පරීක්ෂණ කටයුතු සදහා පහසුකම් සැපයීම.
  14. කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම.
  15. කාර්යාලයීය භෞතික සම්පත් නඩත්තුව හා සංවර්ධනය කිරිම.
  16. පාසල්, කොට්ඨාස, කලාප කාර්යාල හා සම්බන්ධ අනිකුත් ආයතන සදහා ජලය විදුලිය හා දුරකථන ආදී පහසුකම් සැපයීම හා නඩත්තුව පිළිබඳව සියලු කටයුතු සිදු කිරීම.
  17. රජයේ නිල නිවාස හා වාහන පාලනයට අදාළ කටයුතු සිදු කිරීම.
  18. සුළු මුදල් අග්‍රිමය කළමනාකරණය කිරිම.
  19. දෛනික තැපෑල සම්බන්ධ කටයුතු සිදු කිරීම.
  20. ලේඛනාගාර පවත්වා ගැනීමට අදාළ කටයුතු කිරීම.
  21. පිළිගැනීමේ කවුන්ටරය, අභ්‍යන්තර සන්නිවේදන හා ආයතන ඵලදායීතා සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
  22. ආයතන හා පාලන අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම.
NamePositionTasks
H.R.Saman SilvaChief Management Assistant IGeneral Control Division regulation, maintaining the main inventory of the Zonal Office and keeping the sectoral inventory of the Control Division up to date

Scroll to Top