ගිණුම් අංශය

එම්.එස්. හර්ෂණී මිය

ගණකාධිකාරී

කලාප අධ්‍යාපන කාර්යාලයකින් ඉටු වන සියලු ම ආකාරයේ සේවාවන් විධිමත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කළමනාකරණය සිදු කරන ශාඛාව මූල්‍ය අංශය යි. විශේෂයෙන් ම අධ්‍යාපන සංවර්ධන සැලසුම් නිසි පරිදි ක්‍රියාවට නැංවීම උදෙසා මෙම අංශයේ කාර්යභාරය ඉතා වැදගත් වේ. අධ්‍යාපන කලාපයට අයත් සියලු ම කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම් හා විවිධ මූල්‍ය සේවා සැපයීම් ද මූල්‍ය ශාඛාවේ ප්‍රධාන කාර්යය වන අතර ආයතනික වශයෙන්
සිදු කෙරෙන භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් සහ විවිධ කාර්යයන් සඳහා ප්‍රතිපාදන සැපයීම් ඇතුළු කාර්යයන් රාශියක් මෙම ශාඛාවේ වගකීමට යටත්
වේ. ගණකාධිකාරීවරයෙකුගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ පාලනය වන මෙම ශාඛාව මූල්‍ය කටයුතු සම්බන්ධ වාර්තාකරණය හා මූල්‍ය සේවා සැපයීම සිදු කරනු ලබයි.

  1. වාර්ෂික කෙටුම්පත් මූල්‍ය ඇස්තමේන්තු සැකසීම හා මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම
  2. අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් ගෙවීම
  3. අතිකාල දීමනා, ගමන් වියදම් හා වෙනත් දීමනා ගෙවීම
  4. විවිධ වැඩසටහන් හා වැඩමුළු සඳහා ගෙවීම් කටයුතු සිදු කිරීම.
  5. ගිණුම් පවත්වා ගැනීම, පාලනය හා නියාමනය සිදු කිරීම
  6. මූල්‍ය සම්පත් කළමනාකරණය හා පාලනය කිරීම.
  7. ශිෂ්‍යාධාර ගෙවීම හා ඊට අදාළ කටයුතු සිදු කිරීම.
  8. ජලය, විදුලිය, වරිපනම් හා දුරකථන ගාස්තු ගෙවීම.
  9. මු. රෙ. 104 (3) අනුව භාණ්ඩ හානි හා පාඩු සම්බන්ධ කටයුතු කිරීම ප්‍රාරම්භක පරීක්ෂණ සිදු කිරීම සහ මෙම හානි සියල්ල විසර්ජන ගිණුම මගින් වාර්තා කිරිම.
  10. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ කටයුතු සිදු කිරීමප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ කටයුතු සිදු කිරීම.
  11. පාසල් භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම, භාණ්ඩ තුලනය හා අපහරණය සඳහා නිර්දේශ ලබා දීම.
  12. පාසල් ගොඩනැගිලි ඉදි කිරීම, අලුත්වැඩියා කටයුතු සඳහා ගෙවීම් සිදුකිරීම.
  13. සියලු ම ගෙවීම් පිළිබඳ මූල්‍ය ප්‍රගතිය වාර්තා කිරීම
  14. නිලධාරීන්ගේ අත්තිකාරම් හා ණය විධිමත් ව ගෙවීම, සැසඳීම හා පාලන ගිණුම් පැවැත්වීම හා අදාළ කටයුතු සිදු කිරීම.
  15. වර්ෂ අවසාන ගිණුම සකස් කිරීම හා පියවීම.
  16. පොදු තැන්පත් ගිණුම් සැසඳීම හා පාලන ගිණුම් පැවැත්වීම.
  17. පාසල් හා අධ්‍යාපන ආයතනවල කාලීන ගිණුම් වාර්තා ලබා ගැනීම හා අධීක්ෂණය සිදු කිරීම.
  18. කාර්යාලයේ හා පාසල්වල මූල්‍ය විනයක් හා පාරදෘශ්‍ය බවක් පවත්වා ගැනීම හා විගණන දෝෂ අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම.
  19. විශ්‍රාම වැටුප් පාරිතෝෂික ගෙවීම.
  20. බැංකු ගිණුම් පවත්වා ගැනිමට අදාළ කටයුතු හා මාසික බැංකු සැසඳුම් සකස් කිරීම.
  21. ගබඩා හා තොග පාලනයට අදාළ කටයුතු සිදු කිරීම.
  22. සම්පත් කළමනාකරණය පිළිබඳ අක්‍රමිකතා හා වංචා, කලාප අධ්‍යක්ෂ වෙත වාර්තා කිරීම හා ඊට අදාළ විනය කටයුතු ආරම්භ කිරීම.
  23. මූල්‍ය අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම.
නමකාර්යභාර්ය
එම්.එස්. හර්ෂණී මියගණකාධිකාරී
ඩී.එම්.ඩී.එන්. සඳරුවන් මයාමුදල් සහකාර
H.R.Saman SilvaGeneral Control Division regulation, maintaining the main inventory of the Zonal Office and keeping the sectoral inventory of the Control Division up to date
H.R.Saman SilvaGeneral Control Division regulation, maintaining the main inventory of the Zonal Office and keeping the sectoral inventory of the Control Division up to date

Scroll to Top