
Mrs. Dilani Gamage
Divisional Director of Education
මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් තණමල්විල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම උදෙසා කැපවී සිටින ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයයි.
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බල ප්‍රදේශය කරගනිමින් ක්‍රියාත්මක වන මෙම කාර්යාලය, රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව පාසල් පද්ධතිය කළමනාකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම සිදු කරයි.
අපගේ දැක්ම
,”සපිරි කොට්ඨාසයක් – පිරුණු පුරවැසියෙක් ”
- පාසල් පාලනය හා අධීක්ෂණය:
- කොට්ඨාසයට අයත් පාසල්වල දෛනික පරිපාලන කටයුතු සහ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම.
ගුරු භවතුන්ගේ සුභසාධනය: - ගුරු මාරු කිරීම්, වැටුප් වර්ධක සහ වෘත්තීය ගැටලු සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය.
සම්පත් කළමනාකරණය: - පාසල්වලට අවශ්‍ය උපකරණ, ගොඩනැගිලි පහසුකම් සහ අනෙකුත් භෞතික සම්පත් විධිමත් ලෙස බෙදාහැරීම.
විෂය සමගාමී කටයුතු: - ක්‍රීඩා, සෞන්දර්ය සහ විෂය බාහිර තරග සංවිධානය කරමින් සිසුන්ගේ සැඟවුණු දක්ෂතා ඔප්නැංවීම.
ප්‍රජා සම්බන්ධීකරණය: - දෙමාපියන්, ආදි ශිෂ්‍යයන් සහ ස්වේච්ඡා සංවිධාන සමඟ එක්ව පාසල් සංවර්ධනයට දායක වීම.
තණමල්විල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ව්‍යාප්තිය

