අධ්‍යාපන සංවර්ධන අංශය

එස්.එල්.ඒ ධර්මරත්න මයා

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ

+47 -2285007

අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය ගුණාත්මක ලෙස පවත්වා ගැනීමේ ප්‍රධාන කාර්යභාරය පැවරෙන්නේ අධ්‍යාපන සංවර්ධන අංශයට යි. මෙම අංශය යටතේ පාසල් විෂයමාලාවට අදාළ සියලු ම විෂය සංවර්ධනයට අවශ්‍ය කාර්ය සිදු කරන අතර සිසුන්ගේ සාධන මට්ටම් අධ්‍යයනය කරමින් පාසල් පද්ධතිය වෙත අධ්‍යාපන සංවර්ධනය සඳහා අවශ්‍ය මැදිහත් වීම් ද සිදුවේ. පාසල් වාර පරීක්ෂණ, ප්‍රතිඵල විශ්ලේෂණ, ගුරු සංවර්ධන, විෂයානුබද්ධ තරග, ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම, විෂය සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් සිදු කිරීම ආදී කටයුතු මෙන් ම පාසල්වල අධ්‍යාපන ගුණාත්මක තහවුරුව සඳහා ද වගකීම දරනුයේ මෙම අංශය යි.

  • අධ්‍යාපන ප‍්‍රතිපත්ති හා නියමිත විෂයමාලාව ක‍්‍රමවත්ව ක‍්‍රියාත්මක වීම සම්බන්ධව වගකීම හා වගවීම
  • අධ්‍යාපන ආංශික සංවර්ධන ප‍්‍රවේශ රාම ුව හා වැඩසටහන්වලට අදාළ ව වාර්ෂික මධ්‍යකාලීන, පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.
  • අනුමත සැලසුම් ක‍්‍රියාත්මක කිරීම, ප‍්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරීම.
  • පාසල්වල විෂය සමගාමි, විෂයානුබද්ධ කටයුතු සංවිධානය සඳහා මග පෙන්වීම
  • විෂයමාලා නවීකරණ හඳුන්වා දීම හා ක‍්‍රියාත්මක කිරීම.
  • විෂය අධ්‍යක්ෂවරුන්ගේ හා ගුරු උපදේශකවරුන්ගේ කාර්ය ප‍්‍රගති සමාලෝචනය සිදුකිරීම
  • පාසල් වෙත ලබා දී ඇති ව්‍යාපෘති ප‍්‍රදාන හා ගුණාත්මක යෙදවුම් පිළිබඳ  විෂය අධ්‍යක්ෂවරු මඟින් නියාමනය කොට ප‍්‍රගතිය ලබා ගැනීම.
  • අවස්ථානුකූලව විෂය සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම
  • ශිෂ්‍ය සාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එමගින් අනාවරණය වන කරුණු මත අධ්‍යාපන ගුණාත්මක තත්වයන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම
  • ගුරු කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධනය සඳහා ක‍්‍රියාමාර්ග ගැනීම සංවිධානය හා ක‍්‍රියාත්මක කිරීම
  • කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු සදහා උපදේශනය, ඇගයීම හා නියාමනය සිදු කිරීම
  • කලාප මට්ටමේ විෂයානුබද්ධ තරත සංවිධානය හා පැවැත්වීම
  • පාසල්වල බාහිර ඇගයීම් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම, ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම.
  • පාසල් අභ්‍යන්තර ඇගයීම් කාර්යය නියාමනය කිරීම හා අවශ්‍ය මඟ පෙන්වීම.
  • අධ්‍යාපන සංවර්ධන ශාඛාව අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප‍්‍රතිපෝෂණය සිදු කිරීම.
  • විශේෂ අවශ්‍යතා ඇති දරුවන ්ගේ අධ්‍යාපන කටයුතු හා නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක‍්‍රියාත්මක කිරීම
  • විදුහල්පති, ගුරු කාර්යසාධන ඇගයීම් නියාමනය හා පසු විපරම සිදු කිරීම
  • විදුහල්පති හා ගුරු ඇගයීම් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම
  • අධ්‍යාපන පර්යේෂණ සිදු කිරීම හා අනාවරණ පදනමි කර ගැනීම හා ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම
  • පෙර පාසල් නියාමනය හා අදාළ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම
  • අවස්ථානුකූලව  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම
Scroll to Top