තණමල්අවිල අධ්‍යාපන කලාපයට අයත් පාසල් හා අනිකුත් අධ්‍යාපන ආයතනවල මානව හා භෞතික සම්පත් පිළිබඳ සංඛ්‍යාත්මක විස්තර හා තොරතුරු පවත්වා ගනිමින් අවශ්‍ය පරිදි භාවිත කිරිම, බෙදා හැරීම, විශ්ලේෂණය වැනි කාර්යය සිදු කෙරෙන්නේ සැලසුම් අංශයෙනි. අධ්‍යාපන සංවර්ධන, පාසල් පරිපාලන කාර්යය මෙන් ම කලාප අධ්‍යාපන කාර්යාලයීය පරිපාලනයට සම්බන්ධ ක්‍රියාකාරී සැලසුම් හා ඇස්තමේන්තු සකස් කිරීම මෙම ශාඛාවේ ප්‍රධාන වගකීම වේ. කලාපයේ මූල්‍යාධාර ව්‍යාපෘති, අධ්‍යාපන පර්යේෂණ කාර්ය සම්බන්ධීකරණය සඳහා දායක වීම ද සැලසුම් අංශයේ කාර්යභාරය අතර වේ.
- අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන්වලට අදාළව කලාපයේ සමස්ත වාර්ෂික, මධ්‍යකාලීන, පස් අවුරුදු සැලැස්ම සැකසීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරීම.
- කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල වාර්ෂික, මධ්‍යකාලීන හා පස් අවුරුදු සැලසුම් සකස් කිරීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම.
- පාසල්වල වාර්ෂික ඇස්තමේන්තු අනුමත කිරීම.
- කලාප ව්‍යුහ කටයුතු සම්බන්ධව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
- කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල භෞතික හා මානව සම්පත් අවශ්‍යතා හඳුනා ගැනීම, ගණනය හා අවශ්‍යතා සැපිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීම අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියට (EMIS) අදාළ දත්ත හා තොරතුරු රැස් කිරීම, යාවත්කාලීන කිරීම, සංවිධානය, විශ්ලේෂණය හා බෙදාහැරීම.
- වාර්ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබද නියාමනය හා ප්‍රගතිය වාර්තා කිරීම.
- පාසල් නගා සිටුවීමේ වැඩසටහනට අදාළ කටයුතු සම්බන්ධිකරණය කිරීම.
- පාසල්වලට ලබා දි ඇති ගුණාත්මක යෙදවුම් හා අනෙකුත් ප්‍රදානයන් භාවිතය සඳහා උපදෙස් සැපයීම.
- අධ්‍යාපන පර්යේෂණ කටයුතු සම්බන්ධීකරණය හා අනාවරණවලින් ව්‍යාපෘති සැලසුම් සකස් කිරීම.
- ජලය, විදුලිය, සනීපාරක්ෂාව ඇතුළු පාසල් භෞතික අවශ්‍යතා සම්පුර්ණ කිරීම.
- අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ලබා ගැනීම, විදේශාධාර ව්‍යාපෘති සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, නියාමනය, ප්‍රගති සමාලෝචනය හා පසු විපරම් සිදු කිරීම.
- දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සඳහා අවශ්‍ය වාර්තා සැකසීම හා සැපයීම.
- ඉදිකිරීම්, අලු ත්වැඩියා සම්බන්ධ අදාළ පාර්ශව සමග සම්බන්ධීකරණය කිරීම.
- අදාළ විදේශාධාර වැඩසටහන් මෙහෙයවීම හා අධීක්ෂණය කිරිම.
- විදුහල්පති ධාරිතා සංවර්ධනය සඳහා කටයුතු කිරීම.
- සැලසුම් අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම.
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම.
| Name | Position | Tasks |
| H.R.Saman Silva | Chief Management Assistant I | General Control Division regulation, maintaining the main inventory of the Zonal Office and keeping the sectoral inventory of the Control Division up to date |